April 28, 2024

"සහන දෙනවා නම් වෙන පැත්තකින් කපලා තමයි දෙන්න වෙන්නේ" - හෙට අයවැය ගැන ජනතාවගේ බලාපොරොත්තුව

November 11, 2021

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේ ආණ්ඩුවේ දෙවන අයවැය ලේඛනයයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමත් සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අයවැය ලේඛනය ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය සෙනසුරාදා ආරම්භ වී දින 7ක් පැවැත්වෙනවා.

දෙවනවර කියවීමේ ජන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදු කෙරෙනු ඇති. 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය ගෙවුණු වසර දෙක හමාර තුළ අත්කර ගත්තේ ඉතා සුළු ප්‍රගතියක්.

මන්දගාමී ආර්ථික වර්ධනය නිල විදේශ සංචිත පහළ යාම, රුපියල තියුණු ලෙස අවප්‍රමාණය වීම, රාජ්‍ය ආදායම අඩු වීම, රාජ්‍ය ණය තිරසාරභාවය පිලිබඳ අවදානම වැනි ආර්ථික අභියෝග රැසකටම රට මුහුණ දී සිටිනවා.

හෙට ඉදිරිපත් කරන අයවැය ගැන ජනතාව මෙලෙස අදහස් පල කළා,

"කෘෂි උපකරණ මිල වැඩියි දැන්. තෙල් එහෙම අපිට ගන්න විදියක්  නැහැ.එකට එකක් ගණන් වැඩියි. මේ අඩු කරලා දෙන්න මේ කෘෂි උපකරණ."

"තෙල් වර්ග ටිකයි, පොහොර ටිකයි අපිට ලබා දෙන්න."

"ගොවිතැනට සහනයක් දෙන්න."

"මම නම් හිතන්නේ නැහැ මේ යන තත්වයත් එක්ක."

"බඩු මිල ඔක්කොම ගණන්. හොඳ දෙයක් දෙන්න කියලා අපි ඉල්ලනවා."

"හොඳක් වෙනවා නම් හොඳයි."

"මහජනතාවට සහනයක් ලැබෙනවා නම් හොඳයි ඇත්තටම."

"සහන ලැබෙනවා නම් වෙන පැත්තකින් කපලා තමයි සහන දෙන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ."

"අපි බලාපොරොත්තු වෙනවා අලුත් මුදල් ඇමති අපිට සහන ලබා දෙයි කියලා."

"විශේෂ දෙයක් නැහැ. අයවැය කියලා අපිට රත්තරන් දෙන්නේ නැහැනේ."

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 November 2021 16:01