April 28, 2024

නිදහස් සන්ධානය නව ගමනකට මුල පුරයි! මෛත්‍රී හදිසි සාකච්ඡාවක් කැඳවයි

November 11, 2021

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30ක් පොදු සන්ධානයක් යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂ හා කණ්ඩායම් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (11) මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අදාළ සාකච්ඡාව පැවැත්වෙන්නේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා වන මූලික සාකච්ඡාව මෙහිදී පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කර ගනිමින් පුළුල් සන්ධානයක් ගොඩනැගීම එම සාකච්ඡාවේ අරමුණයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීම සදහා සියලු පාර්ශව එකතු කර ගැනීමට එහිදී අපේක්‍ෂා කෙරෙනවා.

Rate this item
(3 votes)
Last modified on Friday, 12 November 2021 11:26