April 28, 2024

උඩවලවේ තවත් අලි පැටියෙක් පැහැර ගැනිමේ තැත වරදී (PHOTOS)

November 11, 2021

උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව බීට්ටු කාර්යාලයට අයත් පනහඩුව විදුලි කුටියේ සිට මීටර් 100 පමණ කැලය තුලදී ඊයේ (10) රාත්‍රී 07.00ට පමණ වයස අවුරුදු 6ක් 7ක් පමණ වන පිරිමි අලි පැටවෙකු අලි පැටවූ ජාවාරම්කරුවන් පිරිසක් විසින් නිර්වින්ධනය කර පැහැරගෙන යාමට ගැටගසා තිබියදී සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

පසුගිය 10 වනදා රාත්‍රී දියතලාව කදවූරට අනුයුක්ත පලමුවන ගැමුණු හේවා බල ඇනි අනු කාණ්ඩයේ නිලධාරීන් පිරිසක් රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටින අවස්ථාවේදී ගස් බැද දමා තිබූ අලි පැටියෙක් සොයා ගෙන තිබෙනවා.

පසුව එම තොරතුරු උඩවලව උද්‍යානය භාරකාර රසික රණතුංග මහතා දැනුවත් කිරීමෙන් පසු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සමඟ ගොස් අලි පැටියා වනජීවී භාරයට ගෙන තිබෙනවා. පසුව වනජීවී නිලධාරීන් විසින් එම අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන ගොස් තිබෙනවා. ගම්වැසියන් පවසන්නේ මෙම අලි පැටවා ඇත් අතුරු සෙවනින් දමපු පැටියෙකු බවත් ඔවුන් කලණ නමින් අමතන බවත්ය.

කෙසේ නමුත් පරිසර සංවිධාන පවසා සිටින්නේ අලි ජාවාරම සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහකට ලක්වී තිබෙන මෙවැනි කාලයක මේ ආකාරයෙන් තවත් අලි පැටවූ සොරා ගැනීම සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් යම් ප්‍රබලයකුගේ සහයෝගය මේ සඳහා ලැබෙන බවයි.

එමෙන් මේ සඳහා කඩිනම් පරීක්ෂණයක් සිදු කර මෙම ජාවාරමට සම්බන්ධ සියලුදෙනා නිතිය හමුවට ගෙන එන ලෙස පරිසර සංවිධාන ආණ්ඩුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 November 2021 16:03