April 28, 2024

නුවර පාරේ අවධානම මැද මංතීරුවක් විවෘත කරයි

November 11, 2021

නාය යාමේ   අවදානමෙන් වසා දැමුණු මහනුවර කොළඹ මාර්ගය අද (11) පස්වරු 1.00ට යළි විවෘත කරන බව කෑගල්ල දිසා ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා පැවසුවා.

මාර්ගය පොදු ප්‍රවාහනය සඳහා පමණත් එක් මංතීරුවක් විවෘත කෙරෙන බවද බර වාහන ගමන් කිරීම සපුරා තහනම් බවද දිසා ලේකම්වරයා සඳහන් කළා.

වැසි යළි ඇතිවුවහොත් මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

සබැඳි පුවත් : කොළඹ නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමයි

Rate this item
(1 Vote)