April 28, 2024

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5 දෙනාට ඇප

November 11, 2021

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

කඩුවෙල අධිකරණයට ඉදිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (11) නියෝග කර තිබෙනවා.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව පොල්දූව පාලම අසලදී සිදුකල විරෝධතාවයක දී පොදු දේපලට හානිකල බවට පොලීසිය මඟින් පසුගියදා මොවුන් අත්අඩංගුවට ගෙන දින 102ක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

Rate this item
(0 votes)