April 27, 2024

රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැති බව කියන හරීන් බියගුල්ලෙක්: සරත් වීරසේකරගෙන් ප්‍රකාශයක්

November 11, 2021

බුද්ධි අංශ නිලධාරීන් කිසි විටෙකත් සහරාන් හෂීම් හමුවී ඇති බවට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය බොරුවක් බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

හැකිනම් එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා නොවී එළියට පැමිණ කියන ලෙසටත් අමාත්‍යවරයා මන්ත්‍රීවරයාට අභියෝගද කරනවා.

තොරතුරු පෙන්නන්න සූදානම්

ඒ පිළිබඳ තොරතුරු අපරාධ විමර්ශන විමර්ෂන දෙපාර්තමේන්තුවේ ගොස් විමසා බලන ලෙස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කරන අමාත්‍යවරයා ඒ සඳහා ඒ ස්ථානයට යෑමේදී ඔහුව අත්අඩංගුවට ගන්නේ නැති බවට තමා සහතිකයක් දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ගොස් ඒ පිළිබද විමසන ලෙස දැන් තමා කරන ප්‍රකාශයත් සමග ඇතැම් විට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රෝහලකට ඇතුළත් වනු ඇති බවට අනාවැකියක්ද අමාත්‍යවරයා පළ කරනවා.

වහසි බස් දෙඩීම

රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැති බවට වහසි බස් දොඩන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණීමට බියක් තිබෙන්නක් බවටයි අමාත්‍යවරයා හඳුන්වා දෙන්නේ.

මේ ආකාරයට බොරු කියා ජනතාව නොරවටන ලෙස අමාත්‍යවරයා මන්ත්‍රීවරයා ගැන ඉල්ලීමක්ද කළා.

සරත් වීරසේකර අමාත්‍යවරයා මෙසේ කරුණු දැක්වූයේ හරින් ප්‍රනාන්දු හා මනුෂ නානයක්කාර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ වලට පිළිතුරු ලෙස විශේෂ ප්‍රකාශයක් කරමින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 November 2021 11:29

Related items