රට තුළ පවතින සිමෙන්ති හිඟය ලබන දෙසැම්බර් මස මැද භාගය වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව සිමෙන්ති ආනයනකරුවන් පවසනවා.
ඔවුන් පවසන්නේ ඉදිරි සති කිහිපය තුල සිමෙන්ති රැගත් නෞකා මෙරටට ළගා වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් සිමෙන්ති නොමැති වීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වූවන් තවදුරටත් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.
කොළඹ ඊයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් සිමෙන්ති සමාගමේ බාහිර කටයුතු ප්‍රධානී චන්දන නානායක්කාර කියා සිටියේ ලබන 18 වනදා සහ 28 වනදා සිමෙන්ති රැගත් නෞකා 2ක් මෙරටට පැමිණීමට නියමිත බවයි.