පවත්නා කොවිඩ් වසංගත තත්වය හමුවේ ඉදිරි කාල සීමාවේදී තවත් අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ලොව පුරා සියලු රටවල් කොරෝනා වෛරසයට එරෙහිව එන්නත්කරනණය සඳහා සිරින්ජර් භාවිතා කිරීම හේතුවෙන් බිලියනයක පමණ එන්නත්කරණය සඳහා භාවිතා කරන සිරින්ජර් හිඟයක් ඇති වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී තිබෙනවා.
මේ වසර අවසන් වීමට පෙර සපුරා ගත යුතු එන්නත්කරණ ඉලක්ක පිළිබඳ තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.
ජනගහනයෙන් 40%ක් එන්නත්කරණය සම්පූර්ණ කරන අප්‍රිකානු රටවල් ගණන 05ක් පමණක් වනු ඇති බවට WHO ගණන් බලා තිබෙනවා මේ හේතුවෙන්. සිරින්ජර් හිඟයක් ඇති වී ඇති අතර, එය එන්නත්කරණ වැඩසටහන්වලට විශාල බලපෑමක් කර ඇති බවක් පෙන්නුම් කරනවා.
අප්‍රිකානු කලාපයේ WHO කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය මට්ෂිඩ්සෝ මොයෙට් ප්‍රකාශ කරන්නේ සිරින්ජ නිෂ්පාදන වේගවත් කිරීමට ප්‍රබල ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මේ වන විට ලොව පුරා කොරෝනා මර්දනය සඳහා සිරින්ජර් බිලියන 6.8 ක් භාවිතයට ගෙන තිබෙනවා.