April 28, 2024

කොවිඩ් නීති නෑ - සුඛෝපභෝගී බස්වල කොවිඩ් පොකුරු? (PHOTOS)

November 10, 2021

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථවල ආසන ගණනට වඩා මගීන් රැගෙන යාම නිසා කොවිඩ් 19 වෛරසය යලිත් පැතිර යාමේ අවධානමක් පවතින බව එම බස් රථ වල ගමන් ගන්නා මගී ජනතාව පවසනවා.

හැටන් සිට නුවරඑලිය දක්වා දිනකට සුඛෝපභෝගී බස් 10ක් පමණ ධාවනය කරන අතර එම බස් රථ අතරින් ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් හැටන් සිට නුවරඑලිය දක්වා ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශපත්‍රයද නිකුත් නොකර කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් මගීන් ප්‍රවාහනය කරන බවයි එම බස් රථ වල ගමන් ගන්නා මගීන් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අප එම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් කරන ලද විමසුමට ඔවූන් කියා සිටියේ මාර්ගයේ බස් රථ ධාවනය අඩු නිසා ආසන ගණනට වඩා මගීන් ප්‍රවාහනය කරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 16:34