April 28, 2024

නිරෝධායන නීති සතේකට මායිම් නොකර උත්සව පවත්වලා (PHOTOS)

November 10, 2021

නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් තලවකැලේ නගරයේ පිහිටි හින්දු කෝවිලක වාර්ෂික ආගමික උත්සවය අද (10) දින තලවකැලේ නගර මධ්‍යයේදි සිදු කෙරුනා.

හින්දු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත් වු අතර, එම උත්සවය පැවැත්විමට සෞඛ්‍ය අංශයෙන් කෝවිල් පාලක සභාව විසින් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවට පැවසේ.

තලවකැලේ ප්‍රදේශයෙන් පසුගිය දිනවල කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් විශාල පිරිසක් හමු වු අතර, කොවිඩ් 19 වෛරසය ආසාදනය විමෙන් තලවකැලේ ප්‍රදේශයේ විශාල පිරිසක් මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටින්නේ.

පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ පුර්වාදර්ශයක් කර ගනිමින් තලවකැලේ ප්‍රදේශයේ හින්දු කෝවිලේ පාලක සභාව විසින් මෙම උත්සවය පවත්වන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 16:32