May 04, 2024

ගොවියෙකු ජනපතිට බොරු කරලා - ගොවි බිමට ගිය විට දැක්ක දේ (VIDEO)

November 09, 2021

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති ගුණප්‍රේම සමරකෝන් මහතාගේ ගොවිබිම් සොයා යකල්ල ගොවි ජනතාව පැමිණියේ කාබනික වගාවන් සිදු කිරීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමේ අරමුණින්.

ගුණප්‍රේම සමරකෝන් මහතා මීට පෙර කාබනික පොහොර වලින් වගා කිරීම පිලිබඳ රැස්වීමකදී අදහස් පළ කර තිබුණා.

කෙසේනමුත් ගොවින් එම ස්ථානයට යන විට සුළු වාරිමාර්ග ගොවි සභාපතිවරයා රසායනික පොහොර භාවිත කරන අයුරු දැකීමත් සමඟ ගොවින් හා සභාපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වුණා.

"අපිට කාබනික පොහොර හොඳයි, රසායනික පොහොර එපා කියලා කිව්වේ නැහැ. උඩු වගා කළා, සෝයා වගා කළා. එතකොට මම ඒවාට දුන්නු පොහොර ඉතුරු කරගෙන මේ පොහොර මිටි හයක් ඉතුරු වුණා. අපි ඒවා බඩ ඉරිඟු වලට දානවා." යනුවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති ගුණප්‍රේම සමරකෝන් මහතා සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)