April 27, 2024

සජිත් සියලු බලවේග එකතු කරයි : ඩී.එස් ගේ මුණුපුරත් ඒ අතර

November 09, 2021

දේශපාලනයෙන් ඈත්ව සිටින වසන්ත සේනානායක මහතා ලඟදීම සමගි ජන බලවේගය සමඟ යලි සක්‍රීයව දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ සමග ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුව.

සජිත්ගේ ආරාධනය

සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ කිට්ටුතම හිතවතෙකු වන අතර පසුගිය දිනක සජිත් ප්‍රේමදාස මහතා ඔහුට කතා කොට තමන් සමග එක්ව යළි දේශපාලනය ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව දැනගන්නට තිබෙනවා.

ඊට වසන්ත සේනානායක මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවයි වාර්තා වන්නේ.

දේශපාලන පරපුර

පසුගිය යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ වසන්ත සේනානායක මහතා නිදහස් ලංකාවේ පලමු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහා මානය ඩී.එස්. සේනානායක මහතාගේ මී මුණුපුරා.

මෙරට 4 වතාවක් අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතාගේ මුණුපුරා.

එහෙත් වසන්ත සේනානායක මහතා ආණ්ඩුවෙන් විපක්ෂයටත් , විපක්ෂයෙන් ආණ්ඩුවටත් කිහිපවිටක් එහෙට මෙහෙට පැනිල්ල හේතුවෙන් මේ වන විට ක්‍රියාකාරී දේශපාලනය ඉවත්ව සිටින්නේ.

සජිත් ගැන ප්‍රථම ප්‍රකාශය

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනපති අපේක්ෂකයා විය යුතු බව ප්‍රථමයෙන්ම ප්‍රකාශ කළ ඔහු ජනපතිවරණය ආසන්නයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ වේදිකාවට ගොඩ වූවා.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසු පැවති මහ මැතිවරණයේදී ඔහු එම පාර්ශ්වයෙන් හෝ කුමන පාර්ශ්වයකින්වත් මහා මැතිවරණට ඉදිරිපත් වූයේ නැහැ.

මේ නිසා මේ දිනවල දේශපාලනයෙන් ඈත්වයි සිටින්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 09 November 2021 11:57