කාබනික පොහොර භාවිතයෙන් ප්‍රදේශ රැසක ගොවින් මෙවර මහකන්නයේ වගා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
කෙසේවෙතත් රසායනික පොහොර නොමැතිව ඇතැම් ප්‍රදේශවල ගොවින් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර ඉල්ලා රජයට බල කරමින් මඩකලපුව ප්‍රදේශයේ ගොවින් මඩකලපුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වුණා.
පසුව විරෝධතාකරුවන් මඩකලපුව දිසාපතිවරයා හමු වීම සඳහා දිසාපති කාර්යාලයට පැමිණි නමුත් දිසාපතිවරයා හමු වීමට ඔවුන්ට අවස්ථාව නොදීම හේතුවෙන් කලබලයට පත් ගොවින් කාර්යාල භූමියට බලහත්කාරයෙන් ඇතුළු වුණා.
එහිදී ගොවින් කිහිපදෙනෙකුට දිසාපතිවරයා හමුවීම සඳහා අවස්ථාව ලබා දුන් බවයි අප වාර්තාකරු පැවසුවේ.