April 28, 2024

සජිත් - අර්ජුන හමුවක්: කපුකම දිගාගෙන් - පිරිමි නර්සුත් සෙට්වෙලා

November 07, 2021

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අර්ජුන රණතුංග හා සමන් රත්නප්‍රිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසී සාකච්ඡාවක් කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම හමුව සංවිධානය කර තිබුණේ සමගි ජන බලවේගය නියෝජනය කරන පලනි දිගම්බරන් මන්ත්‍රීවරයා විසින්.

උපන් දින සාදය

ඒ ඔහුගේ දියණියගේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වූ දිවා භෝජන සංග්‍රහයකදී.

සජිත් ප්‍රේමදාස , අර්ජුන රණතුංග හා සමන් රත්නප්‍රිය යන මහත්වරුන් එම දිවා භෝජන සංග්‍රහයට සහභාගි වීම අහඹුවක් ලෙස පෙන්වීමට උත්සාහ කළද එම පාර්ශව අතර එහිදී දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණ තිබෙන්නේ පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වැඩමුළුවේ සිට.

තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්

එම අවස්ථාවට වෛද්‍ය රාජිත සේනාරත්න හා මනුෂ නානයක්කාර යන මහත්වරුන්ද සහභාගි වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

මෙම හමුව සිදුව තිබෙන්නේ කොළඹ හතේ පිහිටි "මහරාජා පැලස්" ස්ථානයේදී.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 07 November 2021 15:22