May 02, 2024

අගමැතිගේ සංවත්සර කතාව උස්සන්න ට්‍රයි කරලා: ඒ අතර කොළඹ ඇමතිවරයෙකුත්

November 06, 2021

පොදුජන පෙරමුණේ 5 වන සංවත්සරයේදී අග්‍රාමාත්‍යවරයා කළ කතාව බොහෝ පාර්ශව වල පැසසුමට ලක් වුණා.

දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව එම සංවත්සරයේදී අග්‍රාමාත්‍යවරයා කල යුතු කතාව පොදු ජන පෙරමුණ කාර්යාලයෙන් සකසා එවා තිබෙනවා.

පොහොට්ටුවෙන් එවූ කතාව

එහෙත් අග්‍රාමාත්‍යවරයා එම කතාව පෙරළා බලනවා තබා අතින්වත් අල්ලා නැති බවයි වාර්තා වන්නේ.

එම කතාව සකසා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරයෙක්.

අග්‍රාමාත්‍යවරයා සංවත්සර දිනට පෙර දින තවත් දෙදෙනකු සමග සංවත්සර උත්සවයේදී කල යුතු කතාව සකසා තිබෙනවා.

අවධානය යොමු කළ අංශ

එහිදී ප්‍රධාන අංශ 4ක් ගැනයි අවධානය යොමුව තිබෙන්නේ.

ඒ ආණ්ඩුව හා හවුල්කාර පක්ෂ අතර තිබෙන අර්බුදය , ගුරු විදුහල්පති අර්බූදය , පොහොර ප්‍රශ්නය හා කොවිඩ් ප්‍රශ්නය හමුවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය යන අංශයි.

කතාව සකස් කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සිය කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබෙන්නේ එම කතාව වෙනත් කිසිදු පාර්ශ්වයක් අතට පත් නොවීමට වග බලා ගන්නා ලෙසටයි.

පොහොට්ටු ප්‍රධානීන්ගේ උත්සාහය

වාර්තා වන තොරතුරට අනුව අග්‍රාමාත්‍යවරයා විසින් සැකසු මෙම කතාව ඔහු කිරීමට පෙර දැක බලාගැනීමට ජන පෙරමුණ කාර්යාලයේ ප්‍රධානීන්ට අවශ්‍ය වී තිබෙනවා.

ඒ අනුව එහි නිලධාරීන් බොහෝ දෙනෙකු මෙන්ම සංවත්සර උත්සවය සංවිධානය කළ කොළඹ දිස්ත්‍රික් කැබිනට් අමාත්‍යවරයෙකුද එම කතාව ලබා ගැනීම සඳහා බරපතළ උත්සාහයක නියැළි තිබුණද ඒ සියල්ල ව්‍යාර්ථ වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 November 2021 20:08