May 03, 2024

අගමැති කිව්ව පාස්පෝට් පෝලිම ගැන තරුණයින් කියන කතාව

November 03, 2021

පාස්පෝට් ගැනීම සඳහා තරුණ තරුණයින් පෝලිමේ සිටීම ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන ජාතික මහා සම්මේලනය අමතමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා,

"අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහේද කියලා අපි දන්නේ නෑ. පක්ෂ දේශපාලනය පටන්ගත්ත දා ඉඳලා පෝස්ටර්වලින් තාප්ප කැත උණා. නගර අවලස්සන උනා. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ, මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි. අපි ඒ පණිවුඩය තේරුම් ගන්න ඕනා. අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න. ඒ පෝලිමට එකතුවෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවාගන්න පුළුවන් විදිහේ දේශපාලනයක යෙදෙන්න. ඒක තමයි පොදුජන පෙරමුණේ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය." 

පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම විවිධ පාර්ශව මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා.

කොවිඩ් වසංගතය හමුවේ රටේ පවතින තත්වය හා ජිවන වියදම දරා ගැනීමට නොහැකි මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ නිසා බොහෝ තරුණ තරුණයින් ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ විදෙස්ගත වීමයි.

යුරෝපා රටවල්, ජපානය, දකුණු කොරියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ මැදපෙරදිග යන රටවලට විශාල තරුණ තරුණයින් රැකියා සඳහා යොමු වීමට ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා.

ඇමරිකාවේ ග්‍රීන් කාඩ් සඳහා ඉල්ලුම් කිරීමට විශාල පිරිසක් කටයුතු කරමින් සිටිනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා ඒෂියන් මිරර් කළ සාකච්ඡාවකදී විදෙස් ගමන් බලපත්‍ර ලබා ගෙන රට අත්හැර යාමට තරුණ තරුණියන් උත්සුක වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් නවින් දිසානායක මහතා මෙලෙස සඳහන් කළා.

"අද මම මගේ දුව එක්ක ගියා පාස්පෝට් එක ගන්න.එතන ඉන්න නිලධාරීන් මට කිව්වා සාමාන්‍යයෙන් මාසෙකට පාස්පෝට් 40,000ක් හැඩ්ල් කරනවා ගිය මාසේ, මේ මස 31 වනදා වන විට පාස්පෝර්ට් 76,000කට ගිහිල්ලා තියෙනවා කියලා ලංකාවේ. මම ඇහුවා ඇයි කියලා. ප්‍රධාන හේතුව තමයි ඇමරිකාවේ ග්‍රීන් කාඩ් රොටරි සිස්ටම් එක. රොටරි එකට පාස්පෝට් අවශ්‍ය නිසා මම හිතන්නේ ගොඩක් තරුණ ශ්‍රී ලාංකිකයන් රට අතහැරලා යන්න හදනවා. මොකද ඒ ගොල්ලන්ට අනාගතයක් පේන්නේ නැහැ මේ රටේ. ඒක තමයි ඇත්ත තත්වය."

විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඊයේ (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැක ගතහැකි වුණා.

ඇතැමුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෝලිමේ සිටි බවත් තමන්ගේ වාරය එළැබීමට ආසන්න වශයෙන් පැය 05 ක පමණ කාලයක් ගතවන බවත් ඔවුන් පැවසුවා.

ලංකාවේ සෑම ප්‍රදේශයක සිටම ජනතාව තම විදෙස් ගමන් බලපත්‍රය සැකසීම සඳහා පැමිණෙන අතර මෙසේ දහස් ගණනක් ජනතාව රුපියල් 15,000 ක් ගාස්තු ගෙවා එක්දින සේවාව යටතේම ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සුකවීම විශේෂත්වයක්.

විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා පෝලිම්වල සිටින ජනතාව ආණ්ඩුව විවේචනය කරමින් ඔවුන් පෝලිම්වල සිට විදින දුක ගැන මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

"රට මෙහෙම විකුණනවා නම් එක පාර දීලා දාන්න ඕනේ. සෙනගත් එක්කම විකුණලා දැම්මා නම් හොඳයි.හොඳටම කලානේ මෙහෙ. කරපු හින්දා තමයි අපි මේ පෝලිමේ ඉන්නේ. "

"ලංකාව නම් මෙලෝ රහක් නැහැ දැන්. ලංකාවේ ඉන්න එකත් අප්පිරිය වෙලා ඉන්නේ දැන්.රට ගියොත් කරගන්න පුළුවන් කියලා හිතෙනවා. හොඳ සැලරි එකක් ලැබෙයි. මේ ආර්ථික වියදම් එක්ක දරාගන්න බැහැ. පොඩි මුදලක් ලබාගෙන බඩු මිලත් එක්ක ගෙදර කටයුතු කරගන්න අමාරුයි.පොඩි අයගේ ඉස්කෝලේ වැඩ කටයුතු කොහොමද කරගන්නේ?"

"ලංකාවේ ජොබ් එකක් කරලා රුපියල් 50,000 වගේ පඩියක් අරගෙන මේ රටේ ජිවත් වෙන්න අමාරුයි. රට ගිහින් ලක්ෂ එකහමාරක් දෙකක් අරෙගන මොනවා හරි කරන්න ගොඩ යන්න තමයි ට්‍රයි කරන්නේ. 

"ලංකාවේ අපිට කිසි දෙයක් කරන්න බැහැ.ආර්ථික වශයෙන් ගත්තම ගොඩ යන්න දියුණු වෙන්න බැහැ. ලංකාවේ අපිට ආර්ථිකයක් තිබ්බා නම් අපිට මේ රටේ ඉඳගෙන මේ රටේ විනෝද වෙන්න තිබ්බා. ආර්ථිකය හොයාගෙන ජිවත් වෙන්නත් පුළුවන්.ලංකාවේ තියෙන සිස්ටම් එක සම්පුර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ.ලංකාවේ ගොඩක් තරුණයෝ රටකට යන්නේ ආර්ථිකය හොයන්න. ඒ වුණාට රටවල් වල ඉන්න මිනිස්සු ලංකාවට එන්නේ විනෝද වෙන්න. "

"ඉගෙන ගන්න ළමයට පඩියක් තියෙනවා නම් මෙහෙ ඒ වයසට ගැලපෙන දේවල් කරන්න පුළුවන් නම් මෙහෙ රට යන්නේ නැහැනේ ළමයි."

"ලංකාවේ ආණ්ඩුවේ වැඩ නම් කිසිකමකට නැහැ."

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 03 November 2021 12:16