April 28, 2024

සජිත්ගෙනුත් වියත් මගක්: රට හදන විදිය ගැන මන්ත්‍රීවරුන්ට දේශන මාලාවක්

November 03, 2021

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්ම ඉකුත් 30 වැනිදා පාම් ගාඩන් හෝටලයට කැඳවා තිබුණා.

ඒ අනාගතයේදී අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සඳහායි.

වැඩ මුළුවේ අරමුණ

එම වැඩ මුළුවේදී අද දවසේ රට තුළ ඇතිව තිබෙන ප්‍රශ්න මෙන්ම ඒවා කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කොට තිබෙනවා.

එම දැනුවත් කිරීම් කර තිබෙන්නේ සමගි ජන බලවේගයට හිතවත් තිබෙන්නේ ආචාර්ය , මහාචාර්යවරුන් විසින්.

පොහොට්ටුව ගිය මග

සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි පියවරක් ගෙන තිබෙන්නේ මහජන ප්‍රශ්න පිළිබඳ ප්‍රායෝගික දැනුමක් නැති ආචාර්යවරුන් මහාචාර්යවරුන් රටේ විවේචනයට ලක්වන පසුබිමක් තුළයි.

විශේෂයෙන්ම වත්මන් පොදු ජන පෙරමුණ ආණ්ඩුව බලයට පත් කිරීම සදහා "වියත් මග" නමින් බිහිවූ සංවිධානයක් විසින් විශාල වැඩ කොටසක් කළා.

එහෙත් අද ඒ පිරිස සමාජයේ හෑල්ලූවට ලක් වෙමින් සිටින්නේ නොදන්නා දේශපාලනය කිරිමට ගොස්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 03 November 2021 00:18