May 03, 2024

අගමැති මහින්ද ආණ්ඩුවේ වැරදි එකින් එක දිගහරී! පොහොට්ටු නායකයින්ට රිදෙන්නම කියයි (VIDEO)

November 02, 2021

ඇතැම් පක්‍ෂ කුඩා විය හැකි නමුත් දේශපාලනයේදී වැදගත් වෙන්නේ ලොකු කුඩා නොව අරමුණ බවත් ‘ඒ කවුරුත් අපේ ආධාරක, කිහිලිකරු හෝ අතකොලු නෙවෙයි. අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය" යැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී අද (02) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

පොහොට්ටුවේ වගකීම මතක් කරයි

දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්‍ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අගමැතිවරයා පෙන්වා දුන්නා.

සමඟිය අත වැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ලැබුණු උරුමයක් බවත් දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ කවුරුත් ඈත් කළ නොහැකි බවත් ඔහු කියා සිටියා. 

වර්ජනවලට හේතුව වැඩ නොකළ නිසා

ආණ්ඩු බලයෙන්, අමාත්‍යාංශවලින්, රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේ ඇතැයි කී මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය කාලයේ ගුරු වර්ජනය දුරදිග ඇදී ගියේත්, ගොවි උද්ඝෝෂණ මෙතරම් බරපතල ලෙස ඇදී යන්නේත් ඒ අය අතර වැඩ නොකළ නිසා යැයි අවධාරණය කළා.

රජය ජනතා හඬ තේරුම් ගත යුතු බවත් රජය එම දේශපාලනයෙන් ඈත්වුවහොත් පරාජය කළ බලවේල පටු වාසි ගැනීමේ අරමුණින් ජනතාව අතරට රිංගා විශාල අවුල් ඇතිකරන බවත් අගමැතිවරයා සඳහන් කළා.

ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතා අපහසු දුෂ්කර තත්වයක බව අමතක නොකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා මෙවැනි කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට බවත්, ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් ජනතාව අතරට යා යුතු බව ද සඳහන් කළා.

ආණ්ඩුවට අත්වූ ඉරණම

ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය පාලනය කරද්දී දේශපාලන කටයුතු අත නොහැරිය යුතු බවත් පෙන්වා දෙන අගමැතිවරයා ගුරු වැඩ වර්ජනය මෑත කාලයේ මෙතරම් දුරදිග ගියේ දේශපාලන කටයුතුවලින් ඈත් වීම නිසා බවද කියා සිටියා.

අද ගොවි උද්ඝෝෂණ වුවද මෙතරම් බරපතල විදියට ඇදී යන්නේ ඒ අය අතරේ වැඩ නොකරන නිසා බවද ඔහු පෙන්වා දුන්නා.

"පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වැදීම අපේ පක්ෂයට විශාල ආශිර්වාදයක් වුණා. මෙතෙක් ඡන්දපොළට නොගිය විශාල තරුණ පිරිසක් එතුමාව විශ්වාස කරලා අපට ඡන්දය දුන්නා. මට මතකයි අපි ජයග්‍රහණය කළ මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇන්දා. නන්නාදුනන තරුණයන් තම නම් ගම් නොලියා චිත්‍ර ඇන්දා. ඒ අය රටට ආදරය කරන තරුණයන් ඔවුන්ට කාගෙවත් ඇනවුමක් තිබුණේ නෑ.අද ඒ චිත්‍ර ඇන්ද තරුණ පරපුර කොහෙද කියලා අපි දන්නේ නෑ. අද රට හැර යන්න පාස්පෝට් පෝලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න ඕනා. ඔවුන් ඒ පාස්පෝට් පෝලිමේ ඉන්නවා නම් නැවතත් මෙරටට කැඳවා ගත හැකි අන්දමේ දේශපාලනයක අපි දෙන්න ඕනෑ. ඒක තමයි පොදුජන පෙරමුණේ අපට තියන ඓතිහාසික අනාගතවාදී කාර්යය" යැයි අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(4 votes)
Last modified on Friday, 12 November 2021 11:16