May 10, 2024

පොහොට්ටු සංවත්සරය මැද කැබිනට් ඇමති වේදිකාවේ පිටුපස්සේ (PHOTOS)

November 02, 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (2) උදෑසන 10.00ට ආරම්භ වුණා.

පක්ෂ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව පක්ෂ සංවත්සර සම්මේලනය ආරම්භ වූ අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

මේ අතර පක්ෂ සම්මේලනයේ සංවිධාන කටයුතු සහ මෙහෙයවීමේ කටයුතු සඳහා පක්ෂ සාමාජිකයින් සේම සංවිධායකයින්ද කටයුතු කරමින් සිටින අතර තුළ කැබිනට් අමාත්‍යවරයෙකුද වේදිකාව පසුපස සංවිධාන කටයුතු වල නිරත වන බව දක්නට ලැබිණි.

එලෙස සංවිධායක මණ්ඩලය සමඟ කටයුතු කළේ වරාය කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතායි.  

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව මෙම උළෙල පැවැත්විණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 November 2021 18:17

Related items