May 11, 2024

ආණ්ඩුවේ කැරළිකාරයින් පොහොට්ටුවේ සම්මේලනයට එයි

November 02, 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාග් ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී අද (2) උදෑසන 10.00ට ආරම්භ විය.

පක්ෂ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව පක්ෂ සංවත්සර සම්මේලනය ආරම්භ වූ අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ආණ්ඩුවේ කැළිකාර කණ්ඩායම ලෙස හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින් රැසක්ද පක්ෂ සම්මේලයට සහභාගී වී සිටිනු දක්නට ලැබුණා.

උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ද, තිස්ස විතාරණ ඇතුළු පක්ෂ නායකයින් සහභාගී වී සිටියා.+

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් මහජන මන්ත්‍රණ සභාව නමින් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දැඩිව විවේචනය කළේය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ අර්බුදය මැද වුවද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට ද පක්ෂ සම්මේලනය සඳහා ඇරයුම් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව මෙම උළෙල පැවැත්වුණා.  

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 02 November 2021 14:39