May 03, 2024

"පවුලේ ගැටලු තියෙනවා කියලා පිට ගිහින් හරියන්නේ නෑ" - නාමල් විමල් පිලට රිදෙන්නම කියයි

November 01, 2021

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කල බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.

එසේ ඉදිරිපත් කරන ලද අවස්ථාවේ තම අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ තිබූ බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

එම අවස්ථාව භාවිතා නොකර තැන් තැන්වල ඒ ගැන කතා කිරීම සාධාරණ නොවන බවත් ඔහු කියා සිටියා.

එහෙම ප්‍රකාශ කිරීම තුළින් තමන්ම අපකීර්තියට පත් වන බවත් තමන් හදපු ආණ්ඩුව තමන්ම විවේචනය කිරීම හරි යන්නේ නැති බවත් අමාත්‍යවරයා පැවසුවා.

"පවුලේ ගැටලු තියෙනවා කියලා පිට ගිහින් හරියන්නේ නෑ" යැයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළා.

ඇමෙරිකානු සමාගමකට මෙරට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් තිදෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ කැදවන ලද මහජන මන්ත්‍රණ සභාව පිලිබද අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියා.

Rate this item
(0 votes)