May 03, 2024

අගමැති මහින්ද ඇමති මහින්දානන්දට පලු යන්න බැනලා! 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැඩි ලෙස දොස් පවරා ඇතැයි වාර්තා වනවා.

මෙසේ අග්‍රාමාත්‍යවරයා විසින් දොස් පවරා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනි.

චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොගය භාර නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයාට දැනුම් දුන් බවට අලුත්ගමගේ මහතා කල ප්‍රකාශයට අග්‍රාමාත්‍යවරයා මෙසේ විරෝධය පළ කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. 

තමන් සහ චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී එවන් කිසිදු අදහසක් පළ කර නැති බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි එම පුවත්පත සඳහන් කර තිබෙනවා.

එම හමුවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු තිබුණේ චීනයෙන් ලංකාවට ලබාදීමට නියමිතව තිබුණු ණය මුදලක් සම්බන්ධයෙන් බවත් පොහොර පිළිබඳ කාරණය සොයා බලා නැවත සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමඟ සඳහන් කර තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 31 October 2021 09:41