May 10, 2024

එල්එන්ජී ප්‍රශ්නය ජනතාවට කියන්න අපිට ශුද්ධ වූ අයිතියක් තිබෙනවා - ගම්මන්පිල

කැබිනට් මණ්ඩලය තුළ යම් කාරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් නොලදහොත් එය මහජනතාව ඉදිරියේ සාකච්ඡා කිරීමට කැබිනට් ඇමතිවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇති බව ශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

තමන් ඇතුළු කැබිනට් ඇමතිවරු අද පාවිච්චි කරන්නේ ඒ ශුද්ධ වූ අයිතිය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

සාමූහික වගකීම

එ නිසා කැබිනට් මණ්ඩල ඇමතිවරු තිදෙනෙක් අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට එරෙහිව අරගලයක කිරිම සාමූහික වගකීම කඩ කිරීමක් නොවන බව ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

මීට හරියටම වසර 30කට කලින් ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක හා ජී.එම්.ප්‍රේමචන්ද්‍ර යන එවකට සිටි අමාත්‍යවරුන් තිදෙනෙකු එවැනි ආදර්ශයක් තබා ඇති බවද ගම්මන්පිල අමාත්‍යවරයා තමන් හා විමල් වීරවංශ , වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ගත් තීරණය සාධාරණ කිරීම සඳහා පෙන්වා දෙනවා.

විරෝධය මහජනතාව ඉදිරියට

ඔහු මෙම කරුණු පෙන්වා දුන්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමරිකාවේ  නිව් ෆොට්‍රස් සමාගමට ලබාදීමට එරෙහි විරෝධතා වැඩ පිළිවෙළ මහජනතාව ඉදිරියට ගෙන යෑමට ගත් තීරණය ගැන විග්‍රහයක් කරමින්.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ එල්.එන්.ජී බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මැයෙන් වූ සම්මන්ත්‍රණය අමතමින්.

එම සම්මන්ත්‍රණය ආණ්ඩු පක්ෂය තුළ සිටින සන්ධානගත පක්ෂ 11ක් විසින් සංවිධානය කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 20:21