May 07, 2024

ශ්‍රීලනිපය පොල් ගසා දේව කන්නලව්වක (PHOTOS)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා දෙන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් සහ පොල් ගැසීමක් අද (29) දහවල් හලාවත මුන්නේෂ්වරම් ඊශ්වර දේවාලයේදී සිදු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බල මණ්ඩලයේ උප සභාපති පරමේෂ්වරී කාරියවසම් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එක්තරා පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත්, ඔවුන්ගෙන් තම පක්ෂය බේරා දෙන ලෙසත් ඉල්ලා දේව කන්නලව්ව සහ පොල් ගැසීම සිදු කළා.

(ජුඩ් සමන්ත)

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 17:36