උතුරු පළාත තුළ පසුගිය වසර හය ඇතුළත ක්‍රියාත්මක වන ආර්ථික,දේශපාලනමය සහ සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබදව තමන්ගෙන් පොදු රාජ්‍ය මණ්ඩල නියෝජිතයන් කරුණු විමසූ බව උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතාපවසයි.
හෙතෙම සඳහන් කළේ තමන් සමග ඒ සම්බන්ධයෙන් පැය එකහමාරක් තිස්සේ යාපනයේදී කළ සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් පළාතේ වත්මන් තත්ත්වය පිළිබඳ බෙහෙවින් සතුටට පත් වූ බවයි.
මෙරටට දින පහක සංචාරයක් සඳහා පසුගියදා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා ඇතුළු ධූත පිරිසක් පැමිණි අතර මේ මස 30 වැනිදා තෙක් ඔවුන් මෙරට රැදී සිටිනු ඇති.
(දිනසේන රතුගමගේ - වවුනියාව)
මේ සම්බන්ධයෙන් වූ හඩපටය පහළින් අහන්න..