May 02, 2024

අගමැති සම්බන්ධීකාරකගෙන් හෙළිදරව්වක්: ආණ්ඩුවේ කල්ලි දෙකක් - එකක් ජනපතිගේ අනික අගමැතිගේ

ජනපති හා අගමැති අතර ඉතා පැහැදිලි බෙදීමක් තිබෙන බව අග්‍රාමාත්‍ය මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාම් යුනුස් මහතා හෙළිදරව් කරනවා.

ඒ අනුව ආණ්ඩුව තුළ ජනපතිගේ කණ්ඩායම හා අගමැතිගේ කණ්ඩායම ලෙස බෙදීමක් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අගමැති නමට විතරයි

මේ වන විට අගමැතිවරයා නාමමාත්‍රිකව පමණක් සිටින බව ඔහු සඳහන් කරනවා.

අග්‍රාමාත්‍යවරයා සමග සිටි පිරිස්ද මේ වන විට ජනපතිවරයා සමඟ එකතු වී අග්‍රාමාත්‍යවරයා ගණන් නොගෙන තත්ත්වයක් ඉස් මතුව තිබෙන බවත් ඔහු හෙළිදරව් කරනවා.

ආණ්ඩුව ආවේ අගමැති නිසා

වත්මන් ජනපතිවරයා මෙන්ම ආණ්ඩුව බලයට පත්වූයේ තනිකරම මහින්ද රාජපක්ෂ මහතා නිසා බවයි යුනුස් මහතා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා වටාද එකතු වී සිටින්නේ ව්‍යාපාරිකයන් පිරිසක් බව සඳහන් කරන ඔහු එම පිරිස සිටින්නේත් මුදල් පදනම් කරගෙන බව පෙන්වා දෙනවා.

යුනුස් මහතා එම පිරිස හඳුන්වන්නේ වෛරස ලෙසයි.

අගමැති හා ජනපති අතර තිබෙන බෙදීම පිළිබඳව ඔහු මෙම අදහස් පළ කළේ යූටියුබ් චැනලයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 14:28