May 10, 2024

ආණ්ඩුවේ කැරලිකාර පිල බොරැල්ලේදී රැස්වෙයි! ඉදිරි සැලසුම ගැන ඉඟියක්

ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ 11 සහ යුගදනවි බලාගාර ගිවිසුමට විරුද්ධ වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (26) බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ 11ක් එම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර එම සාකච්ඡාව සඳහා ඛනිජ තෙල්, විදුලිබල, වරාය හා සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී වී සිටියා.

මෙහිදී කෙරවලපිටිය බලාගාරයේ කොටස් විකිණීම සහ LNG සැපයුම අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වනවා.

එම සාකච්ඡාවට එක්වීමන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසූවේ "මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහන්නෙත් නැහැ. සටහන්වල සැලසුම් ප්‍රසිද්ධියේ කියන්නෙත් නැහැ." යනුවෙනි.

"අපේ අම්මා තාත්තා වැරදි දෙයක් කරත් වැරදිනම් ඒක වැරදි බවත් 29 වනදා ජාතික සභාවේ රැස්වීම අනිවාර්යෙන්ම සිදු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජාතික සභාව ඇතුලේ වෙන්නේ  ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක්ද? ආණ්ඩු හරි මඟට ගැනීමේ වැඩපිළිවෙලක් ද? යන්න මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු දුන්නා " ලිහන්න තිබෙන මල්ල ඔබා බලනු කුමකටදැයි."

Rate this item
(1 Vote)
Last modified on Thursday, 28 October 2021 10:55