May 10, 2024

ජනපතිව පක්ෂ ප්‍රබලයන් මඟ හරී! බැසිල් නිහඬයි : රැස්වීමට විශාල පිරිසක් පැමිණ නැහැ

වත්මන් පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත්‍රීවරුන් 159 දෙනෙකු සිටිනවා.

ඒ අනුව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට ඒ පිරිසගෙන් පැමිණ ඇත්තේ මන්ත්‍රීවරුන් 107ක් පමණයි.

නොපැමිණි මන්ත්‍රීවරුන් 52 දෙනාගෙන් 20 දෙනෙකු තමන්ට රැස්වීමට සහභාගී වීමට නොහැකි බව පවසා තිබෙනවා.

මෙලෙස සහභාගී නොවූ පිරිස අතර ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙන්ම හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන වැනි ප්‍රබලයන්ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගැටලු පිළිබඳ සාකච්ඡා කළද මුදල් ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ මහතා කිසිවක් ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක් බව එම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් උපුටා දක්වමින් ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 28 October 2021 10:55

Related items