May 05, 2024

ඇමති සහ සභාපති ගැටලුව දුරදිග යයි! පිරිසක් බොරදියේ මාළු බායි

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා අතර ඇතිව තිබෙන අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හට සිය අමාත්‍ය ධූරය අහිමිව යා හැකි බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ වන විටත් ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට උත්සාහ කළත් ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත්තේ එම තනතුරට සුදුසු පුද්ගලයෙකු සොයා ගන්නා තෙක් එම ධූරයේ කටයුතු කරන ලෙසයි.

සභාපතිවරයාගේ ඉවත්වීම ප්‍රකාශ කිරීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිසක් බොර දියේ මාළු බෑමකට නිරතව සිටින බවට මෙරට ප්‍රධාන පෙළේ නාලිකාවක් වාර්තා කර තිබුණා.

ප්‍රසන්න ගුණසේන මහතා ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාව කටයුතු කරන සමයේ කිසිදු අවස්ථාවක ඖෂධ ආනයනය කිරීමට අවස්ථාව ලබාදී තිබුණේ නැහැ.

නමුත් ඔහුට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයත් සමඟ පිරිසක් විසින් නැවත වරක් ඖෂධ ගෙන්වීමේ උත්සාහයක් දරමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් එම නාලිකාව වාර්තා කර තිබුණේ.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසින් පසුගිය සමයේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ වෙළෙඳ නාමයන් ඔස්සේ ආනයන කිරීම අහෝසි කර ඒවා ඖෂධීය නාමයන් ඔස්සේ ගෙන්වීමට කටයුතු කළ අතර එමඟින් රජයට රුපියල් බිලියන ගණනක ලාභයක්ද අත්කර දී තිබුණා.

සබැඳි පුවත > කෙහෙළියට ඇමතිකම නැතිවෙන ලකුණු! ජනපතිගෙන් තීරණයක්

Rate this item
(2 votes)
Last modified on Tuesday, 26 October 2021 09:31

Related items