May 10, 2024

කැබිනට් රහස්: ගම්මන්පිලට බැසිල්ගෙන් සොට් එකක් - අමරවීරට වගකීම පවරයි

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා බරපතළ අපහසුතාවයකට පත් වූ බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඒ ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ක්‍රියාත්මක කිරීමේ වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙනත් අමාත්‍යවරයෙකුට පැවරීම නිසා.

කැබිනට් පත්‍රිකාව

එම කැබිනට් මණ්ඩල රැස්වීමට බලශක්ති අමාත්‍ය ගම්මන්පිල අමාත්‍යවරයා ජාතික කාබන් හරන ප්‍රතිපත්තිය සකස් කිරීම හා ක්‍රියාවට නැංවීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ දැනටමත් ආණ්ඩුව කාබන් හරන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

විෂය අයිති මට

මුදල් අමාත්‍යවරයාගේ එම මතය ප්‍රතික්ෂේප කරමින් ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ එම විෂය අයිති බලශක්ති අමාත්‍යාංශයට බවත් බලශක්ති අමාත්‍යාංශය අයිති තමන්ට බැවින් තමන් එය ක්‍රියාත්මක කරන බවත්ය.

ගම්මන්පිල අමාත්‍යවරයාගේ එම අදහස ගණන් නොගෙන ඇති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා කාබන් හරන වැඩ කටයුත්තට කාලය නාස්ති නොකරන ලෙස ගම්මන්පිල මහතාට උපදෙස් ලබා දී තිබෙන්නේ එම වැඩ කටයුත්ත පරිසර අමාත්‍යාංශය කරන බවත් දැනුම් දෙමින්.

පරිසර අමාත්‍ය ධූරයේ වැඩ කටයුතු කරන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයායි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 24 October 2021 22:00