May 02, 2024

හිටපු ජනපතිගේ සැලැස්ම පුතා උතුරු මැද ලොකුම පුටුවට ගේන්න

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය පුත්‍රයා වන දහම් සිරිසේන මහතාව වන මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණය කර තිබෙනවා.

ඒ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපතිවරයා ලෙස පත් කරමින්.

පුතාගේ පත්වීමට පියාගේ අනුමැතිය

එම පත්වීම සඳහා අනුමැතිය ලබා දුන්නේ ශ්‍රී.ල.නි.ප සභාපතිවරයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මහතාමයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට හිටපු ජනපතිවරයාගේ මීළඟ ඉලක්කය වී තිබෙන්නේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට සිය පුත්‍රයා උතුරු මැද පළාතෙන් ඉදිරිපත් කිරීමටයි.

මහ ඇමති අපේක්ෂක

ඒ පළාත් සභාවේ සාමාන්‍ය මන්ත්‍රීධූරයක් අපේක්ෂාවෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් වූ සන්ධානයක මහ ඇමති ඇමති අපේක්ෂකයා ලෙස බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එහි බුලත් කොලය ලකුණ යළි සක්‍රීය කිරීමට එහිද සභාපතිවරයා වන හිටපු ජනපතිවරයා මේ වන විටත් පියවර ගෙන තිබෙනවා.

එ.ජා.නි.ස යළි කරළියට

මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සති කිහිපයකට පෙර එ.ජා.නි.සන්ධානය යළිත් සක්‍රීය කරන ලෙස එහි මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නා.

මේ වන විට දහම් සිරිසේන මහතා පොලොන්නරුව ශ්‍රී.ල.නි.ප තරුණ සංවිධානයේ සභාපතිවරයා ලෙස තරුණ හා කාන්තා සංවිධාන ප්‍රතිසංවිධානය කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ ශ්‍රී.ල.නි.ප ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළට සමගාමීව.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 04:26