May 05, 2024

කෙහෙළියට ඇමතිකම නැතිවෙන ලකුණු! ජනපතිගෙන් තීරණයක්

සෞඛ්‍ය අමාත්‍ය කහෛළිය රඹුක්වැල්ල හට සිය අමාත්‍ය ධූරය අහිමි වීමේ අවදානමක් පවතින බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

මෙයට හේතුව ලෙස එම පුවත්පත වාර්තා කර තිබුණේ ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයේ කටයුතු කරන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සමඟ මත ගැටුමක් ඇතිව තිබෙන බව සඳහන් වෙනවා.

මේ හේතුවෙන් වෛද්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වීමේදී ජනාධිපතිවරයා ඊට මැදිහත්ව ඇති බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඉල්ලා අස්වීමට ගත් තීන්දුව මසකින් කල් දමන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලා ඇති බවත් පුවත්පත වාර්තා කර තිබුණා.

මෙම සිදුවීමත් සමඟ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමේ අවදානමක් ඇතිව තිබෙන බවද පුවත්පත පවසා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 October 2021 18:05