May 10, 2024

"ජනපති එක්ක බලෙන් සාකච්ඡා නෑ..අපි ජනතාව ඉදිරියට යනවා" - ආණ්ඩුවේ කැරලිකාර පිල දැඩි තීන්දුවක

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයින් අද(23) සාකච්ඡාවක නිරත වුණා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ කොළඹ පිහිටි කාර්යාලයේදීයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් සහ නියෝජිතයින් අද පැය 05ක් පුරා සාකච්ඡාවක් පවත්වා තිබුණි.

යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම ඇතුළු ජනතාවට බලපාන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් වු බවයි එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ.

"අපි බලාගාරයේ ගිවිසුමට විරුද්ධයි නේ. අපි ඒකමතිකභාවයකට ආවා. අත්සන් කරලා ඉවර නෑ කිසිදෙයක්. දේශපාලන බලය මතයි සියල්ල ඉවර වෙන්නේ." යැයි වාසුදේව අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසූවේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීමේ ගිවිසුම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හෙට (24) දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හෙට ජනාධිපතිවරයා සමග පැවැත්වෙන අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසුවා.

"ප්‍රශ්න වැඩි වෙනකොට සාකච්ඡාව දික් වෙනවා. අපේ ස්ථාවරය නිසිතැන නිසිලෙස කියාවි," යනුවෙන් ද ගම්මන්පිල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

Rate this item
(0 votes)