May 04, 2024

නැනෝ දියර පොහොර ගෙන්වූ හැටි සජිත් කියයි

ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග විවර කොට ඇතැයි ද අදාල ගෙන්වීම සිදුකොට ඇත්තේ රාජතාන්ත්‍රික පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රවේදයකින් නොවේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හතු පිපෙන්නා සේ හදිසියේ මතුවූ ආයතනයකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සහ අහිංසක ජනතාවගේ මුදල් රුපියල් කෝටි 29ක් වංචා සහගත ලෙස යොදවමින් නැනෝ දියර ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළා.  

මේ මහා වංචාව පිලිබදව වහාම අපක්ෂපාතී, විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා මේ පිටුපස සිටින වංචනිකයින් හෙළිදරව් කළයුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ ජනතාවගේ මුදල් සමග කරන සෙල්ලම නතර කළයුතු බවද කියා සිටියා.

මේ රටේ ජනතාව ලබාදුන් ඡන්දයේ වටිනාකම ආණ්ඩුව විසින් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්, දැන් ආණ්ඩුවේම මැති ඇමතිවරු ජනතාවට ඔච්චම් කරන තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. 

රටපුරා පවතින ජනතාවගේ උද්ඝෝෂණ දේශපාලන උසිගැන්වීම්වල ප්‍රතිඵල නොවන බව පැවසූ ඒ මහතා ජනතාවටයි යන එනමං නැති කළ ආණ්ඩුව කෙරෙහි රටපුරා ජනතාව උරණ වී ඇතැයිද පැවසුවා.

විපක්ෂ නායකවරයා අද(23) තිස්සමහාරාමයේ බඳගිරිය ප්‍රදේශයේ පැවති ගොවි හදගැස්ම වැඩසටහනෙහි තවත් පියවරකට එක් විය. එහිදී ඔහු මේ කරුණු අනාවරණය කළා.

Rate this item
(0 votes)