May 01, 2024

"මාව පත් කළේ පරිප්පුවලයි, හාල්වලයි ගාන බලන්නයි නෙමෙයි" - ජනපති

"අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා. " යැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ සීයයට සීයයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා අද (23) දිනයේ පැමිණි අවස්ථාවේදී.

එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක්ද එක්වී තිබුණා.

කුලියාපිටිය උඩුබැද්දාව බුන්නැහැපොළ අක්කර 16ක් පුරා පිහිටි මෙම සාරවත් ගොවිපොළ පවත්වාගෙන යන්නේ සියයට සියයක් කාබනික පොහොර යොදා ගනිමින්.

නරක් වූ පළතුරු සහ එළවළු යොදාගෙන ඒ මත ගැඬවිලි පණුවන් වර්ධනයවීමට සලස්වා තමන්ට අවශ්‍ය පොහොර නිපදවා ගැනීමට ඔවුන් කටයුතු කරනවා.

Rate this item
(2 votes)
Last modified on Saturday, 23 October 2021 19:03

Related items