එම අවස්ථාවේ බිඳින ලද පොල් තොගයක් මැස්ස මත අහුරා සුපුරුදු පරිදි ගිනි දල්වා ඇති අතර සුළු වේලාවක් ගත වූ විට ඒ මගින් මැස්ස ගිණි ජාලයකට හසු වී දැවී ගොස් තිබේ.
අනතුරු ව අසල්වාසීන් වහා ඉදිරිපත් ව ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගෙන ක‍්‍රීයා කළ ද ගින්න මුළු කොප්පරා මැස්ස ම දවා අළු කර තිබුණි.
මේ දිනවල පවතින දැඩි නියඟය මත ගින්න මර්දනය කිරීම දුශ්කර කාර්යයක් වූ අතර වේලිමට දැමූ විශාල පොල් තොගයක් ගින්නෙන් විනාශ වී ඇත.
ඔගස්ටින් ප්‍රනාන්දු