May 10, 2024

තෙල් හිඟයක් නැහැ! පිරවුම්හලක තෙල් ඇත්තේ දින දෙකකටයි!!

මෙරට තුළ තෙල් හිඟයක් පවතින බවට වන පුවත බලශක්ති අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය මාස 04 පුරාවට ඛනිජ තෙල් වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලකයනුත් ඉන්ධන හිඟයක් ඇති වන බවට ප්‍රකාශ කළ බවයි.

නමුත් කිසිම අවස්ථාවක එම මාස 04 පුරාවට තෙල් හිඟයක් ඇති නොවූ බවද අමාත්‍යවරයා පවසා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ

"මම පොරොන්දු වුණා රටේ තෙල් හිඟයක් ඇති වෙනවා නම් ඒ බව මම කළින් කියනවා කියලා.

ඒ වගේම සැප්තැම්බර් මාසේ 29 වැනිදා මම රටට කිව්වා බොරතෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා හැබැයි ඒක නැති කරගන්න අපි කටයුතු කරගෙන යනවා කියලා.

බොරතෙල් හිඟය පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සැපයූමට කිසිම ආකාරයකින් බලපාන්නේ නැහැ කියලා.

අපිට නැවත වතාවක් මාධ්‍ය ඉදිරියට ඇවිත් කියන්න තියෙන්නේ රටේ කිසිම තෙල් හිඟයක් නැහැ බොරුවට කලබල වෙන්න එපා. 

ඉන්ධන පිරවුම්හලක තියෙන්නේ දවසකට හෝ දෙකකට ප්‍රමාණවත් ඉන්ධන පමණයි, ඉතින් ජනතාව කලබල වෙලා ඔක්කොම තමන්ගේ ෆුල් ටෑන්ක් ගහගත්තාම නිකන්ම ඒ පිරවුම්හලේ ඉන්ධන හිඟයක් ඇති වෙනවා තමයි"

අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 12:43