විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ඉල්ලීමක් කළා.
සවස රැස්වීම
ඒ සවස පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී රැස්වීමක් මුල්කරගෙන.
අද (22) සවස එම මන්ත්‍රීවරුන්ට කාබනික පොහොර පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීමට නියමිත බව තමන්ට ආරංචි වූ බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.
පසු පෙළ ඇන්දවීම
එම වැඩමුළුවේදී කාබනික පොහොර පිළිබඳ පසුපෙල මන්ත්‍රීවරුන් අන්දවන්න එපා යැයි එහිදී විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් කාරුණික ඉල්ලීමක් කලා.
මේ වන විට මුළු රටම අන්දවා තිබෙන නිසා කරුණාකර එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද අන්දවන වැඩේ නොකරන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ මේ වන විට ගොවියන්වද අන්දවා ඇති බව මතක් කර දෙමින්.
මේ වන විට සිය වගාවන් සඳහා අවශ්‍ය රසායනික පොහොර නොලැබීම මත ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවක් උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැළී සිටිනවා.
කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ ජාතික ප්‍රතිපත්තිය මත රසායනික පොහොර භාවිතය නතර කිරීමට ආණ්ඩුව ගත් තීරණය නිසා රසායනික පොහොර හිඟයක් රට පුරා ඇති වුණා.