May 14, 2024

IOC ඉන්ධන මිල ඉහළට! වැඩි වෙන මිල ගණන් මෙන්න!

ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා IOC සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි යි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල වැඩි වෙන්නේ රුපියල් 5කින්.

එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමටයි  ලංකා IOC සමගම තීරණය කර තිබෙන්නේ.

මේ අතර රට තුළ කිසිදු ආකාරයෙන් ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද (21) දින ඇතැම් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණු අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 October 2021 20:28