May 01, 2024

ජනපති ඇමතිට අවසන් දැනුම් දීම දෙයි : ආයෙත් අවුලක් වුනොත් ඇමතිකම ඉවරයි

පසුගිය දිනෙක ජනපතිවරයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැ දැකීමට උන් වහන්සේ වැඩ සිටින ධර්මායතනයට ගියා.

එසේ ගොස් පැමිණි වහාම ජනපතිවරයා අමාත්‍යවරයෙකුට දුරකතනයෙන් ඇමැතුමක් ගෙන දැඩිව දොස් කියා තිබෙන බව වාර්තා වනවා.

වගකීම ඇමතිවරයාගේ

කාබනික පොහොර පිළිබඳ මේ වන වන විට සමාජයේ ඇතිව තිබෙන අප්‍රසාදයේ වගකීම අලුත්ගමගේ අමාත්‍යවරයා භාරගත යුතු බව දැනුම් දී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

එහිදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කළ ජෙනරාල් සුමේධ පෙරේරාව එම ධූරයෙන් ඉවත් කිරීමට අලූත්ගමගේ අමාත්‍යවරයා ගත් ක්‍රියා පිළිවෙතද ජනාධිපතිවරයා විවේචනයට ලක් කොට තිබෙනවා.

ඒ යුද්ධයට සක්‍රීයව දායක වූ ජෙනරාල් පෙරේරා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට අලූත්ගමගේ අමාත්‍යවරයාට තිබුණු තදියම පිළිබඳවද එහිදී ජනපතිවරයා මතක් කර දෙමින්.

වැඩේට සුදුසු පුද්ගලයා

කාබනික පොහොර වැඩේ සුමේධ පෙරේරා සමග කරන්න බැරි බව සඳහන් කරමින් ඔහුව අමාත්‍යංශ ලේකම් ධූරයෙන් අයින් කරලා දෙන්න කියලා ඉල්ලා සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ බව එහිදී මතක් කර දී ඇති ජනපතිවරයා මේ වැඩේ කරන්න පුළුවන් හැකියාව තිබූ එකම පුද්ගලයා ජෙනරාල් පෙරේරා බවද සඳහන් කොට තිබෙනවා.

එම දුරකථන සාකච්ඡාව ජනපතිවරයා අවසන් කර තිබෙන්නේ ආයිත් වතාවක් පොහොර ප්‍රශ්නය කතා කරන්න ඉඩ නොතියෙන ලෙසත් එසේ වුවොත් තමාට අලූත්ගමගේ අමාත්‍යවරයා පිළිබඳ තීන්දුවක් ගැනීමට සිදුවන බවද මතක් කර දෙමින්.

දක්ෂයකු වූ ජෙනරාල්

ජෙනරාල් සුමේධ පෙරේරා විසින් දුම්බර මිටියාවතේ ඉතා සාර්ථක කෙත් වතු යායක් වගා කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

එපමණක් නොව යාපනය කොටුව කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ මෙහෙයුම හා සරසාලේ යුධ මෙහෙයුම දියත් කළ රණවිරුවාද වනවා.

දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව කෘෂි විෂය පිළිබඳව ප්‍රායෝගිකව එවන් අවබෝධයක් ඇති ජෙනරාල් පෙරේරා සමග කාබනික පොහොර වැඩේ කරන්ඩ බැරි බව දිගින් දිගටම ජනපතිවරයාට අලූත්ගමගේ අමාත්‍යවරයා දැනුම් දී ඇති අතර ජනපතිවරයාද ඒ කරදරෙන් බේරෙන්න බැරිම තැන ඔහු එම ධූරයෙන් ඉවත් කිරීමට කැමති වූ වගයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 15:55

Related items