May 03, 2024

අගමැති මහින්දට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට

කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස්  අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තර කරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය, ඇමරිකාවේ නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම අකුණු 54 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස්  අමෙරිකානු සමාගමක් වෙත පැවරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් පෙත්සම මගින් ඉල්ලා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 12:39