May 18, 2024

ඇමති බැසිල්ගේ 'ලිත්' නඩුවට දින දෙයි

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඇති තවත් නඩුවක් විභාග කිරීම සඳහා දින නියමව තිබෙනවා.

2015  ජනාධිපතිවරණය සමයේ ජනාධිපතිගේ රුව සහිත ලිත් මුද්‍රණය කොට රජයට කෝටි ගණනක පාඩුවක් කළ බවට හිටපු හා වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 5 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කර තිබෙනවා.

නඩුව කැඳවනු ලැබී අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිදැයි සාක්කි විමසීමෙන් අනතුරුව එදින අධිකරණයට දැනුම් දෙන බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව ලබන 05දා තෙක් නඩුව කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 13:44