May 04, 2024

කුෂිනාරාවේ බෞද්ධ උරුමය අලුත් කරමින් පිටත්ව ගිය පළමු ගුවන් යානය (PHOTOS)

ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ දඹදිව චාරිකා තවදුරටත් පහසු කරලීම පිණිස ඉන්දීය රජය මඟින් අලුතෙන් ඉදිකරන ලද කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස සහභාගී වීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (20) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

මෙම ගුවන් තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහභාගී වන අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතයි.

ගුවන් ගමන සදහා 111 දෙනෙකු ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර එයින් 95 දෙනෙකු භික්ෂුන් වහන්සේලා වුණා.

මීට අමතරව අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක, සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියා.

මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1147 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 05.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ කුෂි නගර් බලා පිටත්ව ගියා.

මෙම පිරිසට සුභ පැතීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

දූත පිරිස පිටත්ව යන අවස්ථාවේ ඡායාරූප පහතින්,

(ටි.කේ.ජී.කපිල - කටුනායක)

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 00:50