April 28, 2024

"වැඩකරන අපේ විරුවා ගායනා කරන්න" - ජනපති හමු වූ යොහානි දුවට ආරාධනාවක්

“මැණිකේ මගේ හිතේ” ගීතය යළි ගායනා කරමින් කරළියට පැමිණි ගායිකා යොහානි ද සිල්වා පිළිබඳව කතාබහ තවමත් අවසන්ව නැහැ.

සිය ප්‍රසංග මාලාව නිම කර ඉන්දියාවේ සිට පැමිණි යොහානි පිළිබඳ මෙරට අවධානය යළිත් වැඩි වැඩියෙන් යොමු වූයේ ඇය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම ආර්යාව හමු වීමත් සමග යි.

ඇය එහි දී ජනාධිපතිවරයා ඉදිරියේ “මැණිකේ මගේ හිතේ” ගීය ගායනා කර පෙන්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල පුරා පැතිර ගියා.

මේ අතර මෙම වීඩියෝවට වැටී ඇති කමෙන්ටුවක් ද මේවන විට සමාජ ජාල තුළ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

එම කමෙන්ටුව පළ කොට ඇත්තේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින්.

“යොහානි දුවේ, මේ photo ටිකත් දාලා "වැඩ කරන අපේ විරුවා" සිංදුව re mix කරන්න බැරිද? පැයක් ඇතුළත No 1 trending වෙනවා සත්තයි” යනුවෙනුයි ඔහු එහි දී සටහන් තබා ඇත්තේ.

ඉන් නොනැවතී ඔහු එම වීඩියෝව සිය ෆේස්බුක් පිටුවේ Share කර ඇත්තේ ද ඉහත සටහනම යොදා ගනිමින්.

සමාජ ජාල පරිශීලකයින් විසින් මේවන විට අජිත් පී පෙරේරා මහතාගේ එම අදහසෙහි තිරසටහන් (Screenshot) විශාල වශයෙන් හුවමාරු කර ගනිමින් සිටින බව ද දක්නට හැකි යි.

පෙරේරා මහතාගේ අදහස සහ යොහානි ජනපති හමු වූ වීඩියෝව පහතින්..

Rate this item
(8 votes)
Last modified on Tuesday, 19 October 2021 08:27

Related items