May 01, 2024

ජනපති ගම්මන්පිලගේ හිතක් පපුවක් නැති යෝජනාවට බැහැ කියයි

ඉන්ධන මිල ගණන් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කළ ඉල්ලීම ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල ගනන් දිනෙන් දිනම ඉහළ යෑම හා තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන හෙයින් ඊට විකල්ප යෝජනා දෙකක් ගම්මන්පිල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙනවා.

පාඩුවේ ප්‍රමාණය

පසුගිය මාස කීපයේ පමණක් සංස්ථාව ලැබූ පාඩුව රු. බිලියන 7ක් (රු. මිලියන 7000) බව ලබාදී ඇති අමාත්‍යවරයා තෙල් මිල ගණන් පවතින මිලටම තබා ගැනීමට නම් මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා.

එසේ නොමැති නම් ඉතා කඩිනමින් තෙල් මිල ගණන් ඉහළ දැමීම අනික් විසඳුම ලෙසයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඊට ජනපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

ජනතාවට තවත් බර පැටවීම

ගෑස් , කිරි පිටි , තිරිගු පිටි ඇතුළු මහජනතාවට අත්‍යවශ්‍යය ද්‍රව්‍ය රැසක මිල ගණන් වැඩි කරන්නට සිදු වූ තත්ත්වයක් තුළ තෙල් මිල ගනන්ද මේ අවස්ථාවේ වැඩි කළ නොහැකි බවට ජනපතිවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පවතින තත්ත්වය තුළ තෙල් මිල ගණන්ද හදිසියේ වැඩි කළහොත් ජනතාව තවත් අපහසුතාවයට පත්වන බව ගම්මන්පිල අමාත්‍යවරයාට පෙන්වා දී ඇති ජනපතිවරයා කිසිසේත්ම තෙල් මිල ගනන් අද හෙට වැඩි නොකිරීමට තීන්දු කර තිබෙනවා.

එහිදී තෙල් සංස්ථාවට මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමටද ජනපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි එම ආරංචි මාර්ග අනාවරණය කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 October 2021 23:30