May 06, 2024

රනිල් අලුත් වසරට කලින්ම පා තබයි: 2022 ජනතාවට වෙන දේ කියයි Featured

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පරිණත දේශපාලනඥයෙක්.

ඒ නිසාම ඔහුට දේශපාලන මැනීම් මත අනාවැකි කීමට තිබෙන්නේ විශේෂ හැකියාවක්.

ජනතාවට අත්වන ඉරණම

ඔහු එළැඹෙන 2022 වර්ෂය ගැනත් අනාවැකියක් පළ කර තිබෙනවා.

එළැඹෙන වසර ජනතාව බරපතළ ලෙස පීඩාවට පත් වන වසරක් ලෙසයි වික්‍රමසිංහ මහතා හඳුන්වා දෙන්නේ.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ආන්ඩුවේ නොගැලපෙන වැඩ පිළිවෙළයි.

බිඳ වැටීමේ ආරම්භය

ජනපතිවරයා බලයට පැමිණි වහාම වැට් බදු අඩුකර රජයේ ආදායම් සම්පූර්ණයෙන්ම නැති කර ගැනීම අර්බුද සියල්ලේම ආරම්භය බව වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

එ.ජා.ප නායකයා මෙම අදහස් පළ කළේ මාර්ග ගත ක්‍රමයට පක්ෂ සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පක්ෂයේ ජේෂ්ඨයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී.

එහෙත් ජනපතිවරයා ජනතාව පිට දිනෙන් දින බර පටවන වත්මන් ආර්ථික අර්බුදයට හේතුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ ගත් ඇතැම් තීන්දු බවට බොරු මතයක් සමාජ ගත කිරීමට උත්සාහ කරන බවයි එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා එහිදී පෙන්වා දී තිබෙන්නේ.

2015 බලයට පැමිණි වික්‍රමසිංහ මහතාගේ රජය ඒ වන විටත් ජනතාව පිට පටවා තිබූ දැඩි ආර්ථික බර අඩු කළා මිස වැඩි නොකළ බවද විජේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 18 October 2021 12:00