May 02, 2024

මෛත්‍රීගේ ඉල්ලීම ආණ්ඩුවට! අලුත් වැඩපිළිවෙලකට තීන්දුවක් ගනී Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (15) පස්වරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවයි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවා.

"කොරෝනා වසංගතය අවසන් වේගන එන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවේල කර්යාක්ෂම කිරීම වේගවත් කිරීම යන්න තමයි අපි සාකච්ඡා කළේ. ඒ අනුව,  පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඒ සඳහා පක්ෂයේ සියලු අංශ ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙල තමයි සාකච්ඡා කළේ. බඩු මිල තත්ත්වය ඉතාමත්ම ඉහළ ගිහින් තියෙනවා. ජනතාව ඉතාමත් පීඩනයක ඉන්නේ. අසීරු තත්ත්වයක ඉන්නේ. ජනතාවගේ දුප්පත්කම දුගීකම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ තුල ජනතාවගේ ප්‍රශ්න ඉතාම උග්‍රයි. විසඳුම් දෙන්නට ඕනේ. හදිසි ක්ෂණික විසඳුම් ඇති කියලා මම විශ්වාස කරන්නේ නෑ. සැලසුම් සහගත ක්‍රමයකින් තමයි ඒවාට විසඳුම් තියෙන්නේ"

Rate this item
(0 votes)