May 18, 2024

ඇමැති බැසිල් දැල එලයි! ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10කට ලොකු වැඩක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව එම කමිටුවට සුවිශේෂ වගකීමක් පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ආයතනයක ආදායම් තත්වය වර්ධනය කිරීමත් දූෂණ අක්‍රමිකතා අවම කිරීමත් සඳහා ගත ගත හැකි පියවර සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යවරයා එම කමිටුවට පවරා තිබෙනවා.

එසේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති ආයතන වන්නේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, සමෘද්ධි දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි.

ඉදිරි අයවැයේදී මෙම ආයතනවලට මුදල් වෙන් කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යම් පූර්ව අදහසක් ලබා ගැනීම එම වාර්තාව කැඳවීමේ අරමුණ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා. 

Rate this item
(0 votes)