May 04, 2024

වතු කම්කරුවන්ගෙන් අගමැති මහින්දට ලිපියක්

සමස්ත ලංකා වතු කම්කරු සංගමය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.

මෙම ලිපිය හරහා ඔවුන් විසින් වතු කම්කරුවන්ගේ නොවිසුදුන වැටුප් ප්‍රශ්නය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබුණා.

පසුගිය මාර්තු මාසයේ රුපියල් 250කින් වතු කම්කරුවන්ගේ පඩි වැඩි වීමත් සමඟ මේ වන විට වැවිල සමාගම් විසින් සේවයකයන්ගේ වැඩ ඉලක්කයද වැඩි කර ඇති බවටයි සංගමය පෙන්වා දෙන්නේ.

මෙම වැඩ ඉලක්කයේ දී තේ වතුවල වැඩ කරන කම්කරුවන්ගේ වැඩ ඉලක්කය කිලෝ 3 සිට 4 දක්වාත්, රබර් වතුවල වැඩක සේවක වැඩ ඉලක්කය කිලෝ 2කින්ද ඉහළ දමා ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා. 

අදාළ වැඩ ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් එම සේවකයන්ට පඩි ගෙවනු ලබන්නේ ඔවුන් රැස්කර ඇති කිලෝ ගණන්වලට බවද එම ලිපිය හරහා පවසා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ සම්පුර්ණ ලිපිය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 17:39