May 04, 2024

මට ජනපති එන්න කිව්වා..මම යනවා..අඩියක් පස්සට ගත්තට කමක් නෑ - සජිත් තීන්දුවක් ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට සාකච්ඡාවකට ආරාධනා කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගොවි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමන් ඇතුළු විපක්ෂය නොනැවතී අරගල කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමන්‍ට සහ තම නියෝජිත පිරිසකට ජනාධිපතිවරයා සාකච්ඡාවකට ආරාධනා කර ඇති අතර එහිදීත් අවධාරණය කරන්නේ ගොවිජනතාව ජීවත් කරවීම උදෙසාවන කරුණු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ඔහු මේ බව පැවසූවේ අද (08) ආනමඩුව, මහාඋස්වැව ප්‍රදේශයේ වී ගොවීන්ගේ ගැටලු විමසීමේ ගොවි හදගැස්ම වැඩසටහනට එක්වෙමිනි.

කිසිවෙකු කිසි විටකත් දරදඬු තීන්දුවල නොසිටිය යුතු බව පැවසූ හෙතෙම, අවශ්‍යතාවය පරිදි මෙන්ම ජනතාවගේ සුබසිද්ධිය උදෙසා අඩියක් පස්සට ගැනීමෙහි කිසිදු වරදක් නැතැයි ද කියා සිටියා.

ක්ෂණිකව කාබනික පොහොරවලට සහමුළින්ම ගොවිතැන හුරු කරවීමේ හැකියාව අතිශය අවම බවත් එය ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කළ යුත්තක් බවත් පැවසුවා.

නමුත් හිතුවක්කාරීව ගනු ලබන තීන්දුවල ප්‍රතිඵලය වාසනාවන්ත බව බව ද ඒ මහතා අවධාරණය කළා.

Rate this item
(3 votes)